2020 සමෘද්ධි වැඩසටහන් ක්‍රියාකාරිත්වය - 2020.05.01 දිනට
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, වලස්වැව, බොරළුවැව සහ කොබෙයිගනේ යන සමෘද්ධි බැංකු සංගම් 03කින් සමන්විත වන අතර මේ වන විට රටෙහි පැතිර පවතින 'කොවිඩ් 19' වසංගත තත්වය නිසා සහ ඊට අදාලව රට පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීති තත්වය නිසා අසරණ වී සිටින, කොට්ඨාශයේ ජීවත් වන සමෘද්ධිලාභින්,සමෘද්ධි පොරොත්තු ලේඛනවලට ඇතුලත් අයවලුන් සහ ග්‍රාමීය කමිටු හරහා හඳුනාගත් සිය ජීවනෝපාය අහිමිවුවන් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ චක්‍රලේඛවලට අනුකූලව රු.5000.00ක සහනාධාර මුදල් ලබාදීම සිදු කෙරේ.


















