ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
About Us
අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සංඛ්‍යා විස්තර 2020.04.23 දිනට පහත පරිදි වේ.
| තනතුර | මධ්‍යම රජය |
පුරප්පාඩු |
පළාත් සභා |
පුරප්පාඩු |
||
| අනුමත නිලධාරි සංඛ්‍යාව | දැනට සිටින | අනුමත නිලධාරි සංඛ්‍යාව | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරි | 01 | 01 (වැඩ බලන ) | 01 | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | 01 | 01 | - | |||
| පරිපාලන නිලධාරි | 01 | 01 (වැඩ බලන) | 01 | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | - | 01 | |||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| කළමනාකරණ සේවා නිලධාරී සේවය | 26 | 24 | 02 | - | - | - |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 01 | 01 | - | - | - | |
| භාෂා පරිවර්තක | - | 01 | - | - | - | - |
| තාක්ෂණ නිලධාරී | 01 | 01 (කොන්ත්‍රාත් පදනම) | 01 | - | - | - |
| ඒකාබද්ධ රියදුරු සේවය | 02 | 02 | - | - | - | - |
| කාර්යාල සේවක සේවය | 06 | 06 | - | - | - | - |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සහකාර | 01 | 01 | - | - | - | - |
| තාක්ෂණ සහයක | 01 | 01 | - | - | - | - |
| ග්‍රාම නිලධාරි | 35 | 30 | 05 | |||
![]() |
||
ප්‍රාදේශී්‍ය ලේකම් |
||
| නම | ඩබ්ලිව්.තිළිණි නිසංසලා සිල්වා මිය | |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
|
|
||
![]() |
||
සහකාර ප්‍රාදේශී්‍ය ලේකම් |
||
| නම | පී.කේ.එම්.පී කුමාර මයා | |
| අධ්‍යාපන සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
![]() |
||
ගණකාධිකාරී |
||
| නම |
ආර්.ඒ.එස්.බී.කුමාරි මිය |
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
![]() |
||
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) |
||
| නම | ජේ. එම්.එන් ජයසුන්දර | |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
අපගේ දැක්ම
සෞභාග්‍යමත් ජන දිවියක් උදෙසා විශිෂ්ඨ රාජ්‍ය සේවයක් .අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීම.හැඳින්වීම
ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරෙන් එකකි, කොබෙයිගනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය. මෙම කොට්ඨාසය 'බලදොර කෝරළය' නමින් හැඳින්වෙන එක් කෝරළයකින් පමණක් සමන්විත වේ.
පැරණි පඬුවස්නුවර රාජධානියට අයත්, අනුරාධපුර යුගයේ මහසෙන් රජුගේ නිමාවක් වන මාගල්ල වැවට සහ පොලොන්නරු යුගයේ පළමුවන පරාක්‍රමබාහු රජුගේ වාරිමාර්ග ව්‍යාපාරයට ආසන්නයේ පිහිටි කොබෙයිගනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පැරණි රජ දවස සිටම කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාවකගේ වාසභූමිය වූ බවට කොට්ඨාසය පුරා විසිරී පවතින කුඩා වැව් 229 කින් හා අමුණු 05 කින් සෑදුනු වාරිමාර්ග පද්ධතිය සාක්ෂි දරයි.
දේශගුණික වශයෙන් අතරමැදි කලාපයට අයත්වන මෙහි වියළි කලාපීය දේශගුණික ලක්ෂණ බහුලව දක්නට ඇති අතර, මෙම කොට්ඨාසයේ සාමාන්‍ය උෂ්ණත්වය 26° පමණ වේ . සාමාන්‍ය වර්ෂාපතනය ඊසාන දිග මෝසම් කාලයේදී මිලි ලීටර් 93.77 ක් පමණ වන අතර නිරිත දිග මෝසම් කාලයේදී මිලි ලීටර් 30.35 ක් පමණ වේ.
කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 48.07 ක් පමණ වන අතර මුළු ජනගහනය 40,179කි. එය ස්ත්‍රී 20,709 ක් හා පුරුෂ 19,470ක් වශයෙන් බෙදී යයි. මුළු ජනගහනයෙන් 87.17% ක් බෞද්ධ වන අතර, සිංහල ජනගහනය 35,740 කි. මුස්ලිම් ජනගහනය 4,365 කි. පන්නව හා වැල්පොතුවැව යන ග්‍රාම නිලධාරී වසම් වල ඔවුහු වැඩි වශයෙන් ජීවත් වෙති. ඊට අමතරව අනෙකුත් ජන කොටස්ද සුළු වශයෙන් මෙම වසම් වල ව්‍යාප්ත වී ඇත.
වර්තමානයේ ප්‍රධාන යැපුම් රටාව කෘෂිකර්මාන්තය මත සැකසී ඇති අතර ප්‍රධාන කෘෂි වගාව වන්නේ වී ගොවිතැනයි. එළවළු වගාව ප්‍රධාන කරගත් අතිරේක බෝග වගාව සහ සත්ත්ව පාලනය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන අතිරේක ආදායම් මාර්ගය වේ. භූමි පරිභෝජනයේදී 60% ක් පොල් වගාව සඳහාද ,15% ක් පමණ අතිරේක බෝග වගාව සඳහාද වෙන්ව ඇත.
කුඩාම පාලන ඒකකය වු ග්‍රාම නිලධාරි වසම් 35 කින් හා ගම්මාන 138 කින් මෙම කොට්ඨාසය සමන්විත වේ. එම ග්‍රාම නිලධාරි වසම් 35 සමෘද්ධි කලාප 03 කට බෙදා ඇත. කොට්ඨාසය හරහා දිවෙන ප්‍රධාන මහා මාර්ගය කුරුණෑගල-හලාවත මාර්ගයේ නුගවැල හන්දියත් කුරුණෑගල-පුත්තලම මාර්ගයේ (ඒ-10) විතිකුලිය හන්දියත් යා කරමින් දිවෙන 12.5 km ක් පමණ වූ මාර්ගයයි. කොබෙයිගනේ නගරය මධ්‍යයෙන් පාදෙණිය දක්වා දිවෙන මාර්ගය කුරුණෑගල-පුත්තලම මාර්ගයට (ඒ-10) කොබෙයිගනේ නගරය යාකරයි. කොට්ඨාසයේ ඇති සියලුම අතුරු මාර්ග වන මාර්ග 342 ක් මෙම ප්‍රධාන මාර්ගය ඔස්සේ කොබෙයිගනේ නගරයට සම්බන්ධ වේ.
කොට්ඨාසයේ ජනතාවගේ සංවර්ධනයට හා සුභසාධනයට දායක වන රාජ්‍ය ආයතන අතර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ගොවිජන කේන්ද්‍රය , මහජන බැංකුව , ලංකා බැංකුව , ප්‍රධාන තැපැල් කාර්යාලය මුල් කරගත් උප තැපැල් කාර්යාල , දිසා රෝහල හා බොරළුවැව ප්‍රාථමික සත්කාර ඒකකය,ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව , ශ්‍රී ලංකා පොලීසිය හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ප්‍රධාන වේ.
එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ පාරිභෝගික හා මූල්‍ය අවශ්‍යතා සපුරාලන ප්‍රධාන ආයතන වන සමුපකාර සමිතිය කොට්ඨාසය පුරා විහිදුන ප්‍රාදේශික 16කින්ද , සමුපකාර සුපිරි වෙළදසැලකින් හා ග්‍රාමීය බැංකු 11 කින්ද යුක්ත වේ.
කර්මාන්ත අංශය සැලකු විට පොල් ආශ්‍රීත කර්මාන්ත සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි දැකිය හැකිය. ලණු ඇඹරීම , පොල්ලෙලි කැපීම හා කොහුබත් ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ඒ අතර කැපී පෙනේ. මෙයට අමතරව කජු තැලීම , ගඩොල් කර්මාන්තය ආදිය වසම් කීපයක දක්නට ලැබේ . එමෙන්ම අභාවයට යමින් පවතින පාරම්පරික කර්මාන්ත වන ස්වර්ණාභරණ නිෂ්පාදන , කම්මල් වැඩ , වඩු කර්මාන්තය ආදී කර්මාන්ත කොට්ඨාසය පුරා සම මිශ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත .
උක්ත සම්පත්වලින් හෙබි කොබෙයිගනේ කොට්ඨාසයෙහි ජන ජීවිතය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ වගකීම එහි කේන්ද්‍රීය පරිපාලන මධ්‍යස්ථානය වන ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය සතු වගකීමක් වන්නේය.
කොට්ඨාසයේ ජනතාවගේ සංවර්ධනයට හා සුභසාධනයට දායක වන රාජ්‍ය ආයතන අතර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ගොවිජන කේන්ද්‍රය , මහජන බැංකුව , ලංකා බැංකුව , ප්‍රධාන තැපැල් කාර්යාලය මුල් කරගත් උප තැපැල් කාර්යාල , දිසා රෝහල හා බොරළුවැව ප්‍රාථමික සත්කාර ඒකකය,ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව , ශ්‍රී ලංකා පොලීසිය හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ප්‍රධාන වේ.
එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ පාරිභෝගික හා මූල්‍ය අවශ්‍යතා සපුරාලන ප්‍රධාන ආයතන වන සමුපකාර සමිතිය කොට්ඨාසය පුරා විහිදුන ප්‍රාදේශික 16කින්ද , සමුපකාර සුපිරි වෙළදසැලකින් හා ග්‍රාමීය බැංකු 11 කින්ද යුක්ත වේ.
කර්මාන්ත අංශය සැලකු විට පොල් ආශ්‍රීත කර්මාන්ත සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි දැකිය හැකිය. ලණු ඇඹරීම , පොල්ලෙලි කැපීම හා කොහුබත් ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ඒ අතර කැපී පෙනේ. මෙයට අමතරව කජු තැලීම , ගඩොල් කර්මාන්තය ආදිය වසම් කීපයක දක්නට ලැබේ . එමෙන්ම අභාවයට යමින් පවතින පාරම්පරික කර්මාන්ත වන ස්වර්ණාභරණ නිෂ්පාදන , කම්මල් වැඩ , වඩු කර්මාන්තය ආදී කර්මාන්ත කොට්ඨාසය පුරා සම මිශ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත .
උක්ත සම්පත්වලින් හෙබි කොබෙයිගනේ කොට්ඨාසයෙහි ජන ජීවිතය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ වගකීම එහි කේන්ද්‍රීය පරිපාලන මධ්‍යස්ථානය වන ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය සතු වගකීමක් වන්නේය.
මෙම කොට්ඨාශයේ පරිපාලන ප්‍රධානීන් ලෙස කටයුතු කල උප දිසාපතිවරු / ප්‍රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා |
| ආර්.එම්.සී. රණසිංහ මයා | 1978 | 1980 |
| එස්.ඒ. නාගානන්ද මයා | 1980 | 1981 |
| ජේ.එච්. විජේවික්‍රම මයා | 1981 | |
| ඩබ්.එම්. පියසේන මයා | 1981 | 1982 |
| එම්.එච්.බී.කේ.එම්.බණ්ඩාර මයා | 1982 | 1993 |
| ආර්.එම්.බී.ආර්. මොන්නන්කුලම මයා | 1993 | 1995 |
| ඩබ්.ජේ. විමලසේන මයා | 1995 | 1998 |
| එස්.එම්. ජයතිලක මයා (වැ.බ) | 1998 | 1999 |
| වී. මාලනී මිය | 1999 | 2000 |
| එල්.දොඩම්කොටුව මයා | 2000 | 2006 |
| එන්.එම්.ජේ. ප්‍රනාන්දු මයා | 2006 | 2009 |
| ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර මයා | 2009 | 2012 |
| ඒ.එම්.ආර්.කේ. ජයසිංහ මයා | 2012.01 | 2012.06 |
| ඊ.එම්.එස්.පී. ඒකනායක මෙය | 2012.06 | 2016.06.02 |
| එන්.ඒ.ඒ.එස්. ප්‍රියංකර මයා | 2016.06.03 | 2020.01.07 |
| ඩබ්ලිව්.ටී.එන්.සිල්වා මිය | 2020.01.09 | 2025.09.23 |
| ඊ.එම්.පී.පී. ඒකනායක මිය | 2025.09.24 | මේ දක්වා |





























